කොරෝනා ආසාධනය වී මියගිය තුන්වැන්නා ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ගෙන් පැහැදිළි කිරීමක්

කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත්වූ තුන්වැනි පුද්ගලයාගේ මරණය පිළිඹද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.

අදාළ මරණයට පත් වූ පුද්ගලයා මරදාන ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පිරිමි අයෙකු වන අතර ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට කොරෝනා වෛරසය ආසාදිතයෙකු බව තහවුරු කරගෙන ඇත්තේද ඊයේ දිනයේදීම බවත්, රෝගියා රෝහල් ගතවී ඇත්තේ රෝගය උත්සන්න වී ඇති අවස්ථාවේදී බවත් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

අනතුරුව මෙම රෝගියා හදුනාගෙන කොළඹ IDH රෝහලට මාරු කරන අවස්ථාවේ මෙලෙස මිය ගොස් තිබෙනවා. මෙම රෝගියා දියවැඩියාව, අධික රුධිර පීඩනය, දීර්ඝකාලීන වකුගඩු අඩපණ වීම ආදී රෝග තත්ත්වයන්ගෙන් පෙලෙන ලද අයෙකු බවත් හඳුනාගෙන තිබෙන බවට ඔහු වැඩිදුරටත් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *