නවක වදයට ලක්වන සිසුන්ට ඒ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සහ ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ විශ්වාසයක් ඇතිවන ආකාරයෙන් විශ්වවිද්‍යාල කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය.
පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව යටතේ කැඳවා තිබූ උසස් අධ්‍යාපනය පිළිබඳ අනුකාරක සභා රැස්වීමකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
නවක වදය වැළැක්වීම සහ පාලනය කිරීම විශ්වවිද්‍යාල සතු සදාචාරාත්මක වගකීමක් බවද ඇය පෙන්වා දුන්නාය.
නවක වදය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ කාර්යක්ෂම හා ඵලදායී විය යුතු බවත්, එම පරීක්ෂණ හේතුවෙන් පීඩාවට පත්වූ සිසුන්ට කඩිනමින් සහනයක් ලැබෙන ආකාරයෙන් කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
මේ අතර, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන්ද රැස්වීමේදී අවධානය යොමු කර තිබේ.
අමාත්‍යාංශය මගින් දැනටමත් අනුමත කර ඇති පත්වීම් මෙතෙක් සිදු නොකිරීමට හේතුව පිළිබඳව අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගෙන් විමසා ඇති අතර, පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
නවක වදයට එරෙහිව කඩිනම් සහ තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩලය ශක්තිමත් කිරීමද අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය.
පද්ධතිය කෙරෙහි විශ්වාසය ගොඩනැගෙන්නේ පැහැදිලිව පෙනෙන සහ කාලෝචිත ක්‍රියාමාර්ග හරහා බවද ඇය පෙන්වා දුන්නාය.


