“අම්ෆන්” සුළි කුණාටුව දිවයිනේ කාලගුණයට කළ බලපෑම හෙට සිට අඩුවේ

හෙට (21) සිට “අම්ෆන්” සුළි කුණාටුව මගින් දිවයිනේ කාලගුණයට සිදු කළ බලපෑම අඩුවනු ඇති බවට කාළගුණ දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ “අම්ෆන්” සුළි කුණාටුව, අද (20) දින පෙ.ව. 08.30 වන විට ත්‍රිකුණාමලය සිට කි.මී 1420 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 19.8 ත් නැගෙනහිර දේශාංශ 87.7 ත් ආසන්නව වයඹ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථානගතව පැවතුණු බවත්, එය තවදුරටත් උතුරට බරව ඊසාන දෙසට දිවයිනෙන් ඉවතට ගමන් කර අද (20) දින අපරභාගය වන විට බංගලාදේශ වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය.

මේ අතර දිවයිනේ, දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවටත්, ඇතැම් ස්ථාන වලට විශේෂයෙන්, නුවරඑළිය, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට මි.මී. 75 පමණ තරමක තද වැසිද ඇති විය හැකි බවත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *