ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්න ශ්රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා මහතා අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත් කර තිබේ.
අභියාචනාධිකරණයේ වත්මන් සභාපති ජනාධිපති නීතිඥ නලීන් රොහාන්ත අබේසූරිය මහතා සැප්තැම්බර් 24 වැනිදා දක්වා විදේශගතව සිටීම හේතුවෙන් මෙම පත් කිරීම සිදුකර ඇත.
ඒ අනුව එම කාලය තුළ අභියාචනාධිකරණ සභාපතිවරයාගේ රාජකාරි ශ්රී මෙවන් එදිරිමාන්නසූරිය මහතා විසින් ඉටු කිරීමට නියමිතය.
නව වැඩබලන සභාපතිවරයා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.


