අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රීධුරය ගැන අවසාන තීරණය අද

අපේ ජන බල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට පත් කරන පුද්ගලයා සම්බන්ධයෙන් අද (19) දිනයේ තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. ඒ එම පක්ෂයේ නියෝජිතයන් සමග ඊයේ (18) දිනයේ මැතිවරණ කොමිසම සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් අපේ ජන බල පක්ෂයට තුළ දැඩි ගැටලුකාරී තත්ත්වයක් හටගත් අතර පක්ෂයේ හිටපු ලේකම්වරයා ලෙස නම ලබාදුන් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන්ද නම ගැසට් කර අවසන් වන තුරු මෙතෙක් අතුරුදන්වී සිටිති.

මේ අතර, ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය නිසා තමාට පිරිසක් පහරදුන් බවට චෝදනා කරමින් පූජ්‍ය අරඹේපොල රතනසාර හිමි ඊයේ රාත්‍රියේ මිරිහාන පොලිසිය වෙත පැමිණිල්ලක්ද සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *