අපිට රාජකාරී කිරීමට සිදුවී ඇත්තේ කංජිපානිට වඳීන නිලධාරීන් සමගයි, වීඩියෝ මා සතුයි – ආරක්ෂක ලේකම්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට බන්ධනාගාරගතව සිටින කංජිපානි ඉම්රාන්ට බන්ධනාගාර නිලධාරියෙකු වඳීන වීඩියෝවක් තමන් අතට පත්ව ඇති බවත්, තමන් ඇතුළු පිරිසට වැඩ කිරීමට සිදුවී ඇත්තේ එවැනි නිලධාරීන් සමග බවත් ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ඒ මහතා ප්‍රකාශ කරන්නේ පාතාල නායකයින් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිරගත කිරීමෙන් පමණක් අපරාධවලට විසදුම් නොලැබෙන බවයි. ඔහු වැඩි දුරටත් පවසා සිටින්නේ මෙම අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට තව වසර 4ක 5ක කාලයක් නිදහසේ තම ක්‍රියාකාරකම් කරගෙන යෑමට ඉඩ දුන්නා නම් සාමාන්‍ය ජනතාවට කිසිදු ව්‍යාපාරයක් කිරීමේ නිදහස මෙන්ම මග තොට ඇවිදයාමේ නිදහසද අහිමි වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *