අපරාධ මැඩලීමේ මෙහෙයුම් වලින් අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂය ඉක්මවයි

පසුගිය කාලය තුළ සිදුකරන ලද අපරාධ මැඩලීමේ මෙහෙයුම්වල දී සැකකරුවන් 103,651 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඊයේ (20) පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී අනාවරණය විය.

ඒ අනුව නීති විරෝධී ගිනි අවි ළඟ තබා ගැනීම්, මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මත අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශකර සිටියේය. එමෙන්ම වැටලීම් වලදී හෙරොයින් කිළෝග්‍රෑම් 23කට අධික ප්‍රමාණයක් ද සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *