කොරෝනා

අග්‍රාමාත්‍යතුමාගේ නියමයෙන් පොදු ජනයාට තවත් සහන

උද්ගතව ඇති කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා සාමුහිකව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ජා කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පක්ෂවල නායකයින්ගේ රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේදී පැවැත්විය.

මීට පක්ෂ නායකයින් විවිධ යෝජනා ඉදිරිපත් කර තිබේ.

මෙම ගැටලුවෙන් පීඩාවට පත්වී සිටින ජනතාව වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ ,

  • කොරෝනා වසංගතයෙන් අසරණ වු දෛනික වෑටුප් ලබන කම්කරු ජනතාවට නොමිලේ අත්‍යවශ්‍ය ආහාර මල්ලක් ලබාදීම
  • ලොතරැයි අලෙවි නියෝජිත මහතුන්ට රු. 2500 ක දීමනාවක් ලබාදීම
  • අත්‍යවශ්‍ය රාජකාරි වල නිරත ත්‍රිවිධ හමුදාවේ , පොලිසියේ පවුල්වලට මෙන්ම වෛද්‍යවරුන්ට, හෙද ඇතුලු සියලුම රෝහල් කාර්ය මණ්ඩල සදහා යුද හමුදාව හරහා නිවෙස්වලටම අත්‍යවශ්‍ය භාණ්ඩ නොමිලේ ලබාදීම

ඇතුළු යෝජනාවලියට පක්ෂ නායකයින් එකඟ වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට සජිත් ප්‍රේමදාස , රනිල් වික්‍රමසිංහ , විජිත හේරත් , දයාසිරි ජයසේකර , රාවුෆ් හකීම් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන් රැසක් එක්ව සිටි අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සහ හමුදාපතිවරයා ප්‍රමුඛ ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *