Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංගොඩ ලොක්කාගේ වෙඩික්කරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

සංවිධානාත්මක අපරාධකරුවකු වන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාගේ කණ්ඩායමේ වෙඩික්කරුවෙකු ලෙසට සැලකෙන චමින්ද එදිරිසූරිය නොහොත් “චමියා” නමැත්තෙකු ඊයේ (22) පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබේ.

ගම්පහ, ඔරුතොට ප්‍රදේශයේ දී සැකකරු ඊයේ රාත්‍රී 11ට පමණ පොලීසියට වෙඩි තබා පළා යාමට උත්සාහ කර ඇති අතර පොලීසිය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

ඔබේ අදහස