වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු හෙරොයින් සමග ගන්දර, දෙවිනුවර ප්‍රදේශයේදී ගන්දර පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ලද තොරතුරකට අනුවයි. 43 හැවිරිදි මෙම පුද්ගලයා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හම්බන්තොට කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරියෙකු ලෙස සේවය කරන අතර දික්වැල්ල, කෝනදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 100 ක්ද පොලීසිය විසින් සොයාගෙන තිබෙන අතර ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර හෙරොයින් ග්‍රෑම් 30ක් සමග සැකකරුවෙකු තලංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ත්‍රිරෝද රථයක්ද සමගයි. තවද මට්ටක්කුලිය ප්‍රදේශයේදී ගංජා ජාවාරමේ නිරත පුද්ගලයෙකුද ගංජා කිලෝග්‍රෑම් 10 යි ග්‍රෑම් 800ක් සමග පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද අලූයම 5 න් අවසන් වු ගත වූ පැය 24දී හෙරොයින් සම්බන්ධයෙන් පුද්ගලයින් 135 දෙනෙකු සහ ගංජා ජාවාරම් සම්බන්ධයෙන් පුද්ගලයින් 91 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ.