හෙට සිට විදුලිය කැපීම නවතී

පසුගියදා අක්‍රිය තත්වයට පත්වූ කෙරවලපිටිය හා නොරොච්චෝලේ විදුලි බලාගාරයන්හි අලුත්වැඩියා කටයුතු හේතුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක කළ තාවකාලික විදුලි විසන්ධි කිරීම හෙට (22) දිනයේ සිට සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. නොරොච්චෝල විදුලි බලාගාරය අද (21) දින ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ පද්ධතියට සම්බන්ධ කෙරෙන බැවින් විදුලි විසන්ධි කිරීමේ අවශ්‍යතාව පැන නොනගින බවයි විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ.

පසුගිය 17 වැනි දින දිවයින පුරා විදුලි බිඳවැටීමක් සිදු වූ අතර ඒ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පත් කළ කමිටුව ද ඊයේ (20) සහ පෙරේදා (19) දිනයන්හි රැස් වී තත්ත්වය පිළිබඳ විමර්ශනය කළේය. එම කමිටු වාර්තාව සතියක් තුළ නිකුත් කිරීමට නියමිත බවත් විදුලි බිඳ වැටීම් ඉදිරියේ දී සිදු නොවීමට නිර්ණායක එම කමිටුව මගින් ලබාදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *