බලපිටිය, පාතේගම යෝගාශ්‍රම විහාරාධිපති නාහිමියන්ගෙන් හිමිනමකගෙන් කප්පම් ලබා ගැනීමට තැත් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් නෝටර්බ්‍රිජ් පොලීසීයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 6 දෙනෙකු බලපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
මෙම විහාරාධිපති හිමියන් මත්ද්‍රව්‍ය වෙළෙඳාමට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳ පරීක්ෂණ යටපත් කිරීම නම් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් මෙම සැකකරුවන් විසින් ඉල්ලා ඇත. එම මුදල ලබා දීම සඳහා අදාළ භික්ෂූන් වහන්සේ මූල්‍ය ආයතනයකට වැඩම කරන අවස්ථාවේ පොලීසියට ලැබුණු තොරතුරකට අනුව බලපිටිය, හීනටිය ප්‍රදේශයේදී සැකකරුවන් පෙරේදා අත්අඩංගුවට පත් විය.