හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක මහතා පුරප්පාඩු වූ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට පත් කර තිබේ. ඒ මහතා අද (24) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඉකුත් 19 වැනිදා සීතා අරඹේපොළ මහත්මිය බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වුණු ලැබුයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු සාමාජිකයෙකු ලෙස නම් කිරීම හේතුවෙනි.