සෞඛ්‍ය අංශ සමග එක්ව ඉකුත් දෙසැම්බර් මාසයේදී එම සංචාරක මාර්ගෝපදේශ මාලාව සකස් කළ බවත්, එම සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් සංචාරකයින් ගෙන්වන ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
පසුගියදා ආරම්භ වූ සංචාරකයින් මෙරටට ගෙන්වීමේ නියමු ව්‍යාපෘතියේදී අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය වී ඇති බව සෞඛ්‍ය අංශ මෙන්ම අදාළ රජයේ බලධාරීන්ද දැනටමත් පිළිගෙන ඇති අතර ඉදිරියේදී මෙම තත්ත්වය වෙනස් කරන බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ.
මේ අතර ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්, මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේ සිදුවූ අඩුපාඩු මේවනවිටත් සියලූ පාර්ශව අවබෝධ කරගෙන සිටින බවයි.