එජාප ජනාධිපතිවරයකු ප්‍රමුඛ ආණ්ඩුවක් අවශ්‍ය වන තැනට ජන මනස සැකසිලා – රුවන් විජයවර්ධන

ආණ්ඩුවයි විපක්ෂයයි දෙපිරිසම රෑට එකට එක් වී කා බී සාද පවත්වා විනෝද වෙමින් සිටින අතරේ ජනතාව විකල්පයක් නැතුව අසරණ වී සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ රට ගොඩගැනීමට අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයකු ප්‍රමුඛ ආණ්ඩුවක් අවශ්‍ය බවයි. එමෙන්ම ජනතාව තුළ මේ වන විට නැවත එක්සත් ජාතික පක්ෂය බලයට පත් කළ යුතු බවට මතයක් සකස් වෙමින් පවතින බවත්, විසිරී ගිය විපක්ෂයට නායකත්වය දෙන ලෙස විපක්ෂ මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටින බවත් පවසයි.

පසුගියදා එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන දීප ව්‍යාප්ත දිස්ත්‍රික් වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ අදහස් පල කර තිබේ.

එහිදී ඔහු වැඩි දුරටත් කියා ඇත්තේ ත්‍රිවිධ රත්නයේ සහ සමන් දෙවියන්ගේ ආශිර්වාදය සමඟින් වැඩ කටයුතු ආරම්භ කිරීමට ලැබීම භාග්‍යයක් බවත්, සුමන සමන් දෙවියන් සමඟ එක්සත් ජාතික පක්ෂයේ ද සම්බන්ධයක් පවතින බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *