සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් පිළිබඳව පැහැදිලි කිරීමක් කරයි

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතා යළි සේවයේ පිහිටුවීමට අදාළ වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

දැනට අනිවාර්ය නිවාඩු ලබා සිටින වෛද්‍ය ෂිහාබ්දීන් මහතා යළි සේවයේ පිහිටුවීමට තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යාංශය පවසයි.

ඔහුගේ හිඟ වැටුප් රෙගුලාසිවලට අනුව ගෙවීමට පමණක් තීරණය කළ බව අමාත්‍යාංශය සඳහන් කළේය.

නීතිවිරෝධී සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වී අනිවාර්ය නිවාඩු යවා සිටි වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් යළි සේවයේ පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බවට ඊයේ වාර්තා වීමත් සමඟයි මෙම ප්‍රකාශය සිදුව ඇත්තේ.

කෙසේ වෙතත්, අමාත්‍යාංශය එම වාර්තාව ප්‍රතික්ෂේප කළ ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ චක්‍රලේඛයක් ප්‍රකාශයට පත් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *