“සෞඛ්‍ය සේවයේ වියදම් අඩු කරන්නේ මෙහෙමයි”- සෞඛ්‍ය ලේකම්

මෙරට සෞඛ්‍ය පද්ධතිය සඳහා ඇතැම් ඉහළ වටිනාකමකින් යුත් උපකරණ මිල දී ගැනීම අඩු කර කූලී පදනම මත ලබාගනිමින් සෞඛ්‍ය සේවා පවත්වා ගෙන යාමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ලබන වසරේ සිට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

එය ඉතා පහසු කාලෝචිත ක්‍රමවේදයක් බව ලේකම්වරයා කීය.

වයඹ පළාතේ තෘතියික සත්කාර සේවා සපයනු ලබන ප්‍රධාන රෝහල වන කුරුණෑගල ශික්ෂණ රෝහලේ භෞතික සම්පත් සවර්ධනය සඳහා ලබාදුන් මූල්‍ය ප්‍රතිපාදන සහ දැනට ක්‍රියාත්මකවන ව්‍යාපෘතීන්ට අදාළ ප්‍රගතිය පිළිබඳව කරුණු සොයා බැලීම ගිය සෞඛ්‍ය ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

කුරුණෑගල ශික්ෂණ රෝහල පැමිණි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් පළමුව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වයි.එම්.එම් ප්‍රියංගණී මහත්මිය ඇතුළු රෝහලේ පාලනාධිකාරිය සමග රෝහල් සංවර්ධනයට අදාළ කරුණු සාකච්ඡා කළේය.

අනතුරුව විශේෂඥ, වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩලය සමග රෝහලේ දැනට පවතින ගැටළු පිළිබඳව සහ සේවක අදහස් හා යෝජනා විමසීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *