ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසියි

ත්‍රස්තවාදය  වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ කෙටුම්පත ලබන මස ගැසට් කිරීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ජාතික ජන බලවේගය  ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් වූ  ප්‍රධාන  කාරණයක් බවද ඔහු ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු  ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු  විශේෂ කමිටුවේ  කටයුතු  මේ මස අග  අවසන් කරන බවද   අමාත්‍යවරයා පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත රටේ  දැනට  භාවිතා වන බව පැවසූ අමාත්‍යවරයා එය භාවිතා වන්නේ  ජාතිවාදී ආගමික කොටස් ඉලක්ක කර  නොවන බවද සඳහන් කළේය . එය දැනට භාවිතා වන්නේ පාතාලය මර්දනය  කිරීමට බවද හෙතෙම පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *