සියලු පාසල් ලබන සඳුදා සිට ආරම්භවේ

ලබන 15 වැනිදා සිට දිවයිනේ සියලු පාසල් විවෘත කිරීමට සූදානම් බවත්, බස්නාහිර පළාතේ පාසල්ද සෞඛ්‍ය නිර්දේශවලින් අනතුරුව විවෘත කෙරෙනු ඇති බවටත්, අධ්‍යාපන ඇමැති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවට ඊයේ (8) එක්වෙමිනි.

ඒ මහතා පවසා සිටින්නේ දරුවන්ගේ ජීවිතයේ වටිනා කාලය අපතේ නොයවා තම කටයුතු ඉදිරියට කර ගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සහ අධ්‍යයන වටපිටාව සකසා දීමට අධ්‍යාපන අමාත්‍යංශය කැපවී සිටින බවත්, එබැවින් ලබන සඳුදා දිවයිනේ සියලුම පාසල් විවෘත කිරීමට සූදානම් බවත්ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පවසා සිටියේය. “දිවයිනේ සියලුම පාසල් ආරම්භ කිරීම සඳහා මේ වනවිට සැලසුම් සකස් කර අවසන්. නමුත් බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ අපි ඉල්ලලයි තිබෙන්නේ. සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයෙන් පසුව දින දෙකක් වැනි කාලයක් තුළ එම නිර්දේශ ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල පාසල් විවෘත කිරීමට ත් අපි සූදානම්. මේ වනවිට ඒ සම්බන්ධ ව සෞඛ්‍ය අධ්‍යක්ෂ ‍ජනරාල්තුමාගේ අනුමැතිය අපි ඉල්ලා තිබෙනවා. දවස් 02ක් ඇතුළත එම තීරණය ලැබෙනු ඇතැයි අප පලාපොරොත්තු වෙනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *