සම්පායෝ ඇතුළු 7කට නඩු – අධිචෝදනා 90 ක්

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයා ඇතුළු හිටපු ජේලර්වරුන් හත්දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා 90 ක් යටතේ ඊයේ (11) දිනයේදී නඩු පවරන ලදී. ඒ මීගමුව මහාධිකරණ විනිසුරු එන්. එස්. හපුආරච්චි මහතා හමුවේ චෝදනා භාර දීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා විසින් ඔවුන්ට ඇප නියම කර තිබේ.

පසුගිය වසරේ පෙබරවාරි මස සිට මීගමුව බන්ධනාගාරය තුළ සේවය කරමින් විවිධ අක‍්‍රමිකතා සිදුකිරීම යටතේ මෙලෙස අධි චෝදනා 90 ක් යටතේ විත්තිකරුවන් වූයේ මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි දීපාල් අනුරුද්ධ සම්පායෝ, හිටපු ප‍්‍රධාන ජේලර් උපාලි සරත් බණ්ඩාර, දෙවන පෙළ ජේලවර්වරුන් වන නිශාන්ත සේනාරත්න, ප‍්‍රසාද් කාලිංග කළුඅග්ගල, හිටපු බන්ධනාගාර ගබඩා භාරකරු වන විද්‍යානන්ද සමරසිංහ සහ බන්ධනාගාර රැඳවියන්ව සිටි තුවාන් රෂීම්ඞීන් හා කේ. ඔගස්ටින් නමැත්තන්ය.

මෙම විත්තිකරුවන්ට එරෙහිව අක‍්‍රමිකතා, වංචා, දූෂණ සිදු කිරීම, බන්ධනාගාරය තුළට තහනම් භාණ්ඩ රැගෙන ඒම, හා එම භාණ්ඩ බන්ධනාගාරය තුළට ගෙනඒමට කූට ලේඛන සැකසීම ඇතුළු අධි චෝදනා 90 ක් ගොනුකර තිබේ.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර ඔවුන් හත් දෙනා රුපියල් 50,000 බැගින් මුදල් ඇප සහ රුපියල් දස ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදාහැරීමට විනිසුරුවරයා නියෝග කළේය.

එමෙන්ම ඔවුන්ගේ ඇඟිලි සලකුණු වාර්තා ලබා ගන්නා ලෙසටත් සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක මිනීමැරුම් ඒකකයේ පෙනී සිටින ලෙසටත් අධිකරණය විසින් නියෝග කර තිබේ. මේ පිළිඹද
වැඩිදුර විභාගය මාර්තු මස 2 වැනිදාට කල් තැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *