බාහිර සමාජයෙන් කිසිදු කොරෝනා ආසාධිතයෙකු සති තුනක කාලයකින් හමුවී නොමැති බවත්, මෙය ඉතා වැදගත් අවස්ථාවක් බවත් මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි.
කෙසේ වෙතත් කොරෝනා අවදානමෙන් මිදීම සඳහා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට සමජයේ දායකත්වය ඉදිරියටත් අපේක්ෂා කරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.