සත්වෝද්‍යාන අද සිට විවෘත කෙරේ

දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල සත්වෝද්‍යානය හා හම්බන්තොට සෆාරි සත්වෝද්‍යානය කොරෝනා වසංගතයෙන් පසු නරඹන්නන් සඳහා අද (01) සිට විවෘත තැබේ.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනෝමා ප‍්‍රියදර්ශනී මහත්මිය පවසා සිටින්නේ දිනපතා පෙරවරු 8.30 සිට ප.ව.6.00 දක්වා නරඹන්නන් වෙනුවෙන් සත්වෝද්‍යානය විවෘතව තැබෙන අතර, නරඹන්නන් මුඛ ආවරණ පැළැඳ නිසි සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් සත්වෝද්‍යානයට පැමිණෙන ලෙසත්ය.

සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන සියලූදෙනාගේ ශරීර උෂ්ණත්වය මැන බලා ඇතුළත් කරගන්නා බවත්, නරඹන්නන් සත්වෝද්‍යානය තුළ හැසිරෙන අන්දම සොයා බැලීමට ආරක්ෂක නිලධාරීන් යොදවන බවත් පැවසූ ඇය සතුන් සඳහා කිසිදු ආහාරපාන වර්ගයක් ලබාදීමෙන් වැළකී සිටින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *