මෙරට හමුදා නිලධාරීන් 28 කට යුධ අපරාධ චෝදනා එල්ල කරමින් බි්රතාන්යය ප්රමුඛ රටවල් පහක් ඉදිරිපත් කළ ජිනීවා යෝජනාවට අදාළ ඡන්ද විමසීම හෙට (22) දිනයේ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම ඡන්ද විමසීමේදී ශී්ර ලංකාවට සහාය ලබා දීමට රුසියාව, චීනය, පාකිස්තානය, බංගලාදේශය, නේපාලය, බෙලාරුස්, වෙනිසියුලාව, පිලිපීනය යන රටවල් ඉදිරිපත් වී තිබේ. බොලිවියාව විසින් ලංකාවට සහාය ලබා දීමේ තීරණය අවසාන මොහොතේ වෙනස් කර ඇති බවට වාර්තා වේ.
මේ අතර ජිනීවාහි බි්රතාන්ය තානාපතිවරයා ජිනීවා යෝජනාවට සම අනුග්රහය දැක්වීම සඳහා තවත් රටවල් පහක් සම අනුග්රාහකයන් ලෙස නම් කර ඇත.