කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපය හරහා පියාසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ගුවන් ගමන් ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.
කොළඹ ගුවන් තොරතුරු කලාපය හරහා පියාසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන්වලට අදාළ ගුවන් නාවික ගාස්තුව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) විසින් අය කරන අතර එය 1985 සිට සංශෝධනය කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව 2023 පෙබරවාරි 01 වැනිදා සිට කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපය හරහා පියාසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ගුවන් නාවික ගාස්තු සංශෝධනය කිරීමට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.