වෙළඳපොළට යාමේදි නිවසකින් එක් අයකු පමණක් යන්නැයි ඉල්ලීමක්

ඇඳිරි නීතිය ඉවත් කළ පසුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වෙළඳපොළ කරා පැමිණෙන්නේ නම් එක් නිවසකින් එක් අයෙකු පමණක් පැමිණෙන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටී.

නැවත ජනතාව ඒකරාශී වුවහොත් පවතින කොරෝනා වයිරසය පැතිර යාමේ අවධානමක් ඇති විය හැකි බැවින් මෙම ඉල්ලීම කරන බවශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

එමෙන්ම පෝලිමක සිටින විට දෙදෙනෙකු අතර පරතරය මීටරයක් දුර තබා ගැනීමට වගබලා ගන්නා ලෙස ද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *