වෙනත් පක්ෂයකින් නාම යෝජනා අත්සන් කළ එජාප සාමාජිකයින්ට රතු එළි

පක්ෂ ව්‍යවස්ථාව උල්ලංගනය කර ඇති සාමාජිකයන්ගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව පක්ෂ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදයක් නිකුත් කරමින් දන්වා සිටී.

ඒ අනුව පක්ෂ ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් මහ මැතිවරණයට වෙනත් පක්ෂයක් යටතේ නාම යෝජනා අත්සන් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ගෙන් නිදහසට කරුණු විමසා මේ වන විටත් ලිපි යොමු කර ඇති බවයි පක්ෂ මහ ලේකම්වරයා අවධාරණය කර සිටින්නේ.

අදාල සාමාජිකයින් විසින් ලිඛිතව යොමු කරන කරුණු දැක්වීම් අභියාචනා සියල්ල ඉදිරියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරි මණ්ඩලයට ඉදිරිපත් කර සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවයි මහලේඛම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *