වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ‘කවන්තිස්ස’ගේ තත්ත්වයේ යහපත් වර්ධනයක්

සියඹලංගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී වෙඩි වැදීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන ‘කවන්තිස්ස’ වන අලියාගේ සෞඛ්‍ය තත්ත්වයේ යහපත් වර්ධනයක් පෙන්නුම් කරන බව වනජීවී පශු වෛද්‍යවරු පවසති.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පශු වෛද්‍ය කණ්ඩායම ඊයේ (28) ද කවන්තිස්සට අඛණ්ඩව ප්‍රතිකාර ලබා දී ඇති අතර, තුවාල වූ ප්‍රදේශය අවට පැවති ඉදිමීම අඩු වී ඇති බව නිරීක්ෂණය කර ඇති බවයි.

වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවකොට්ටගේ මහතා ඇතුළු පශු වෛද්‍ය කණ්ඩායම කවන්තිස්සට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටින අතර, වනජීවී නිලධාරීන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටිති.

මේ අතර, කවන්තිස්ස මේ වනවිට වැඩි කාලයක් ජලයේ රැඳී සිටීමට වැඩි නැඹුරුවක් දක්වන බවද වනජීවී නිලධාරීන් නිරීක්ෂණය කර තිබේ.

පශු වෛද්‍ය කණ්ඩායමේ මඟපෙන්වීම යටතේ වනජීවී නිලධාරීන් කවන්තිස්සට අවශ්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ලබාදීමට කටයුතු කරමින් සිටින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *