විදේශිකයින් සඳහා වීසා ගාස්තු සහ දඩ මුදල් සංශෝධනය කර තිබේ.
නිවේදනයක් නිකුත්කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ අගෝස්තු මස 18 වනදා හඳුන්වාදුන් නව ආගමන හා විගමන රෙගුලාසි යටතේ එම සංශෝධනය සිදුකර ඇති බවය.
ශ්රී ලංකාව තුළ විසා නොමැතිව හෝ විසා කාලය ඉක්මවා රැඳී සිටින පුද්ගලයින්ගෙන් අදාළ වීසා ගාස්තුවට අමතරව අමෙරිකානු ඩොලර් 500ක දඩයක් අයකරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසීය.
අදාළ වීසා කාණ්ඩය යටතේ නව වීසා ලබාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් 40ත් 200ත් අතර මුදලක් අයකරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.