විරෝධතාකරුවන්ට පහරදීම ගැන විමර්ශනයක් කළ යුතුයි – නාමල් රාජපක්ෂ

අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සහ ලිප්ටන් වටරවුම අසලදී පෙරේදා (09) දිනයේ පැවති විරෝධතාවයේ යෙදී සිටි විරෝධතාකරුවන්ට පහරදීම තමන් තරයේ හෙලා දකින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. ඒ සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින්.

අදාළ සිදුවීම සම්බන්ධව විමර්ශනයක් සිදුකොට ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවයි නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටින්නේ.

කොවිඩ් 19 වසංගතය මර්ධනය කිරිමේදී පොලිස් දෙපාර්තමේන්තුව විසින් විශිෂ්ඨ මෙහෙයක් සිදුකළ බවත් ඇතැම් පොලිස් නිලධාරීන්ගේ හැසිරිම මත ඔවුන් විසින් ලබාගත් කීර්තිය සහ හොඳ නමට කැළලක් ඇති වීම වලක්වා ගත යුතු බවයි හිටපු මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published.