රටේ බොහෝ ප්‍රදේශ වලට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය මත පානීය ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ හා පානීය ජලය ලබාගන්නා ජල මූලාශ්‍ර සිඳී පවතින බැවින් පානීය ජලය ලබාදීම සීමා කිරීමට සිදුව ඇති බවයි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ.
මෙම තත්වය නිසා අඛණ්ඩව ජලය බෙදාහැරීම සීමා කිරීමට සිදුවනු ඇති බවත්, උස් බිම්වල වෙසෙන පාරිභෝගිකයින් සඳහා ජලය බෙදාහැරිමේදී අඩු පීඩන තත්ත්වයක් ඇතිවිය හැකි බවටත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එබැවින් පවතින තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩය ජල පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.