විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුරට සුදුස්සෙක් තෝරා ගැනීම අද

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගයේ නායකත්ව මණ්ඩලය ඇතුල් කෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී අද (20) දිනයේ රැස් වන බවත්, එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර සඳහා මන්ත්‍රීවරයකු නම් කරන බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර සඳහා පාඨලී චම්පික රණවක, ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් හා ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම තනතුර සදහා යෝජනා වී ඇතැයි රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *