වැරැල්ලවත්ත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදි කිරීම් සඳහා රුපියල් මිලියන 10ක්

ඉදි කිරීම් කවැරැල්ලවත්ත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කඩිනම් කිරීමට රුපියල් මිලියන 10ක්.

එකවර රෝගීන් 2000ට ප්‍රතිකාර කළ හැකි මධ්‍යස්ථානයට වෛද්‍යවරු 40ක්, හෙදියන් 50ක් හා කාර්ය මණ්ඩලය 55ක් අනුයුක්ත කෙරේ.
පාර්ලිමේන්තුව රැස්වන්නේ සෞඛ්‍ය උපදෙස් අනුවයි -ඇමති ප්‍රසන්න රණතුංග කියයි.

රුපියල් මිලියන 10ක මුදලක් වැයකරමින් වසා දමා ඇති ගම්පහ වැරැල්ලවත්ත පොලිටෙක්ස් ගාමන්ට්ස් කර්මාන්ත ශාලාව කොරෝනා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කිරීම ඊයේ ආරම්භ කෙරිණි.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙහි ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 10ක මුදලක් ලබා දිමට බස්නාහිර පළාත් සභාව එකග වී ඇති අතර, නාවික හමුදාවේ සහායෙන් මෙම කර්මාන්ත ශාලාව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කිරීමේ කටයුතු කඩිනම් කර ඇති අතර නාවික හමුදා නිලධාරීන් 70 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් මේ වන විටත් ඒ
සඳහා සිය සේවය ලබා දෙමින් පවතියි.

එකවර රෝගීන් විශාල පිරිසකට ප්‍රතිකාර කිරීමේ හැකියාව සහිතව ගොඩනංවන මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කටයුතු තව තවත් කඩිනම් කිරීම සඳහා තරුණ සංවිධාන නියෝජිතයින්ගේ ශ්‍රම දායකත්වය ලබා දීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද එකඟව තිබේ.

ඇදන් 2000ක් සහිත, ඔක්ෂිජන් සැපයීම ඇතුළු හදිසි ප්‍රතිකාර,කැසිකිලි වැසිකිලි ආදී සියලු පහසුකම් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට මෙම කර්මාන්තශාලාව පත්කිරීමෙන් පසුව වෛද්‍යවරුන් 40ක්, හෙදියන් 50ක් හා සුළු සේවකයින් 55ක පමණ කාර්ය මණ්ඩලයක් ඊට අනුයුක්ත කර ඉතා ඉක්මනින් ප්‍රතිකාර කටයුතු ඇරඹීමට අපේක්ෂිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *