වාර්ෂිකව පැවැත්වූ නුවරඑළිය සැළලිහිණි වසන්ත සැණකෙලිය මෙවර අත්හිටුවයි

නුවරඑළිය වාර්ෂික වසන්ත උත්සව සැණකෙළිය හා ඊට සම්බන්ධ කිසිඳු උත්සවයක් නොපැවැත්වීමට තීරණය කොට තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 19 වැනිදා පැවැති කොරෝනා මර්දන මධ්‍යම පළාත් ඒකාබද්ධ කාර්ය සාධන බලකායේ විශේෂ රැස්වීමේදි මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව කෝවිඩ් -19 වසංගතය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් සෑම වසරකම අප්‍රේල් මාසය පුරා මහත් උත්කර්ෂවත් අන්දමින් නුවරඑළිය මහනගර සභාව විසින් පවත්වනු ලැබූ නුවරඑළිය වසන්ත උත්සව සැණකෙළිය මෙවර නොපැවැත්වීමට තීරණය කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *