ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ හෝ පහළ ගියද වසරක් යනතෙක් මෙරට තෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබේ. මාර්ග තදබදය අවම කිරීම සහ පොදු ජනතාවගේ මෙන්ම පෞද්ගලික වාහනවල ප්‍රවාහනය පහසු කිරීම අරමුණු කරගෙන වර්තමාන වෙළෙඳපොළේ තෙල් මිල එලෙසම පවත්වා ගෙන යෑමට තීරණය කළ බව තොරතුරු සහ ජනමාධ්‍ය, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි තෙල් මිල අඩුවීමෙන් ලැබෙන ඉතුරුම් යොදා ගනිමින් ඛනිජතෙල් ස්ථායීකරණ අරමුදලක් පිහිටුවීමට සහ මාස 06ක කාල සීමාවක් තුළ රුපියල් බිලියන 200ක මුදලක් එම අරමුදල යටතේ රැස් කිරීමට කටයුතු කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ඊයේ (19) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් නීතිඥ නාලක කළුවැව මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.