Flight-ticket

වලංගු බලපත්‍ර නොමැතිව ගුවන් ටිකට්පත් නිකුත් කිරීම සම්බන්ධව සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අනතුරු ඇඟවීම්…

වලංගු බලපත්‍ර නොමැතිව රට පුරා ගුවන් ටිකට්පත් නිකුත් කරන ආයතන පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) බදාදා (04) ප්‍රකාශ කළේය.

CAASL අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද නිල බලපත්‍රය නොමැතිව ගුවන් ටිකට්පත් නිකුත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව CAASL පෙන්වා දෙයි.

එවැනි ලියාපදිංචි නොකළ ආයතනවලින් ගුවන් ටිකට්පත් මිලදී ගැනීමෙන් වළකින ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

එවැනි වංචනික සංවිධාන පිළිබඳව අධිකාරියට හෝ ඔවුන්ගේ සමීපතම පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස CAASL වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *