වනගහනය වැඩි කරන්න ’’වනස්පති’’

මෙරට වනගහනය වැඩි කිරීම සඳහා වනාන්තර රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරමින් වනස්පති නමින්  වැඩසටහනක් ආරම්භ කර තිබෙන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“මානව හිමිකම් රැකීම ජාතික ජන බලවේග රජයේ මූලික අරමුණක්.කිසිම භේදයකින්  තොරව මේ රටේ සියලු ජනතාවට මානව හිමිකම් ආරක්ෂා කර දීම ජාතික ජන බලවේග රජයේ අරමුණයි.හැම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි ඒ වෙනුවෙන් අප පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.බංකොලත් වූ රටක ඒ සඳහා ආරම්භයක් ලබා ගැනීමේ දී ආර්ථිකය සංවර්ධනය සම්බන්ධයෙන් වැඩිපුර හිතා බලන්නට වෙනවා.මේ රටේ ජනතාවට යහපත් පරිසරයක ජීවත් වීමට ඉඩ සැලසීමද මානව හිමිකම් වල එක් අංශයක් බව කිව යුතුයි යනුවෙන් ද අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *