යුද්ධයට බිය වී සිටි ඇතැම් මන්ත්‍රීන් දැන් සාමයට බය වෙලා

මුලින් යුද්ධයට බය වී සිටි ඇතැම් මන්ත්‍රීවරුන් දැන් සාමයට බයවී සිටින බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“පොඩි හරි දීප්තියක් පෙනෙනවා නම් ඒක ගන්නැයි උතුරු නැගෙනහිර මන්ත්‍රීවරුන්ගෙන් මා ඉල්ලා සිටිනවා.රටේ ජනතාව මන්ද පෝෂණයට ඇද දාපු උදවිය දැන් ආණ්ඩුව පළිගන්නවා යැයි කියනවා.තමන්ගේ ඥාතීන් හිත මිතුරන් සැමරීමේ අයිතිය නැති කරන්න නීතියකට බැහැ.අපගේ සමගිය හරහා බොහෝ අයගේ දේශපාලන වඳවීම ඇතිවෙනවා.සමානකම් වලට වඩා වෙනස්කම් ඉවසා දරා ගන්නේ කෙසේද යන ප්‍රශ්නය අප විසඳා ගත යුතුයි.අප සංවර්ධනය මෙන්ම සමගිය එකට ඉදිරියට ගෙන යනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *