ලබන සඳුදා බස් වර්ජනයක්

ආණ්ඩුවෙන් ඉල්ලූ කිසිම සහනයක් පුද්ගලික බස් කර්මාන්තයට නොලැබුණු නිසා ලබන සඳුදා (18) දිනයේ සිට බස් වර්ජනයක නිරතවන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ පෞද්ගලික බස්රථ කර්මාන්තය දරුණු කඩාවැටීමකට ලක්ව ඇති බවත්, නොවැම්බර් මාසයේ සිට පෞද්ගලික බස්රථ නියමාකාරයෙන් ධාවනය නොවන බවත්ය.

එවැනි වාතාවරණයක් මත බස් රථ සදහා ලොග් ෂීට් ගන්නා ලෙසත්, කොරෝනා වසංගතය නිසා ධාවනය නොවූ බස්වලටත් ලොග් ෂීට් ගන්නැයි පළාත් සභාව විසින් පැවසීම අසාධාරණ බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

එමෙන්ම බස් කර්මාන්තයට ආණ්ඩුවෙන් දුන් සහන දකුණු පළාත් සභාව හැර අනෙකුත් පළාත් සභාවලට නොලැබීම, පෞද්ගලික බස්රථ ධාවනය හා පරිපාලනය ඒකාබද්ධ කිරිම, දේශපාලන හිතවතුන්ට පෞද්ගලික බස්රථ ධාවනය කිරීමට මාර්ග බලපත‍්‍ර ලබා දීම වහාම නතර කිරීම, ඉල්ලූ ලීසිං සහන කි‍්‍රයාත්මක නොකිරීම වැනි කරුණු පිළිඹදවද තමන් ඉල්ලීම් කළත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ගැමුණු විජේරත්න මහතා වැඩි දුරටත් පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *