ලබන වසරේ පැවැත්වීමට නියමිත ජාතික වෙසක් උත්සවය කූරගල රාජමහා විහාරයේදී පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන බව ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (28) කූරගල රාජමහා විහාරයේ අසදිස ශාක්‍ය සුගත මහා සෑයේ මංගල ශීලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ උත්සවයට සාභාගි වීමෙන් අනතුරුවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙම වර්ෂයට අදාළ ජාතික වෙසක් උත්සවය යාපනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් එළඹෙන වසරේ කූරගල පුදබිමේදී ජාතික වෙසක් උත්සවය පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන බවයි.