මෙරට ජනතාවට අවශ්‍ය කොවිඩ් මර්ධන එන්නත් තවදුරටත් ගෙන්වීමට කටයුතු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියි.
ඒ මහතා පෙන්වා දෙන්නේ ප්‍රමාද වී හෝ එන්නත් ගෙන්වීම හොඳ දෙයක් වුවත් එසේ ලැබෙන එන්නත් ලක්ෂ 6න් මාත්‍රා දෙකක් ලබාදිය යුතු බැවින් එය ප්‍රමාණවත් වන්නේ ලක්ෂ 220ක සමස්ථ ජන ගහණයෙන් ලක්ෂ 3ක ජනතාවකට පමණක් බවයි.
කොවිඩ් වෛරස් ව්‍යාප්තිය නිසා කොවිඩ් දුප්පත්කමක් නිර්මාණය වී ඇති බවත්, ජනතාවගේ කිසිම ගැටලුවක රජයෙන් විධිමත් විසදුමක් මේ වනතෙක් නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. බුත්තල මාලිගාවිල ප්‍රදේශයේ පැවති “සත්කාර” විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.