ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන නිලූක කරුණාරත්න ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ඇත

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන නිලූක කරුණාරත්න ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා තිබේ.
ඔහු ඔලිම්පික් උළෙලක් නියෝජනය කිරීමට වරම් දිනූ 3 වන අවස්ථාව මෙය වේ.
මීට පෙර 2012 ලන්ඩන් ඔලිමිපික් උළෙල සහ 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී ද නිලූක කරුණාරත්න ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් වරම් දිනාගෙන තිබිණ.

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ පිරිමි ඒකල බැඩ්මින්ටන් තරග ඉසව්වේදී නිලූක කරුණාරත්න අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ගත් අතර එය වාර්තා වන්නේ ඔලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකා බැට්මිටන් ක්‍රීඩකයෙකු දැක් වූ ඉහළම දක්ෂතාව ලෙසයි.

ඔහු 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ඔලිම්පික් කණඩායමේ නායකයා ලෙසද කටයුතු කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *