ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරටට ලැබීමත් සමගම ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩල සහ ආරක්ෂක සේවාවන් සඳහා එම එන්නත ලබාදීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ලැබීම පිළිබඳ තමා ඉතා සතුටට පත්වන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා සිටියි.
තමා මේ වනවිට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබාගනිමින් සිටින බැවින් එන්නත්කරණ වැඩසටහනට සහභාගිවීමට නොහැකි වූවත් එම වැඩපිළිවෙල ඉතා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරන බවටත් අමාත්‍යවරිය පැවසූ බව සෞඛ්‍ය අමාත්‍යාංශ, මාධ්‍ය ලේකම් විරාජ් අබේසිංහ මහතා විසින් නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.
එමෙන්ම කොවිඩ් මර්දන එන්නත් ලබා දීම ආරම්භ කිරීමත් සමගම මෙරට කොවිඩ් පාලනය කිරීමේ වැඩ පිළිවෙළ තව දුරටත් ශක්තිමත් වන බවද සෞඛ්‍ය අමාත්‍යවරිය එම නිවේදනයෙන් පෙන්වා දි ඇත.