රුසියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 261ක් යළි දිවයිනට පැමිණේ

කොරෝනා වසංගත ව්‍යාප්තිය නිසා මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් රුසියාවේ මොස්කව් නුවර රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 261 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඊයේ (22) රාත්‍රි කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබේ.

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 1206 දරණ විශේෂ ගුවන් යානයෙන් ඊයේ රාත‍්‍රී 10.54ට පමණ මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වී තිබේ.

අනතුරුව ඔවුන් විෂබීජහරණ ක්‍රියාවලියට යොමු කර ශ‍්‍රී ලංකා යුධ හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *