රිෂාඩ්

රිෂාඩ් හසුවුණේ සිම්පතක් නිසා

Share this Article

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සැඟව සිටි නිවෙසට ඇතුළු වූ ආකාරය සොයා බැලීම සඳහා ඔහු සැඟව සිටි නිවෙස්වල සීසීටිවී දර්ශන පරීක්ෂාව ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

පසුගිය අඟහරුවාදා,බදාදා සහ බ්‍රහස්පතින්දා පෙරවරුවේ ඔහු සිට ඇත්තේ කළුබෝවිල රෝහල ආසන්නයේ පිහිටි වෛද්‍යවරියකගේ නිවසක බව අනාවරනය වූ අතර බ්‍රහස්පතින්දා පස්වරුවේ ඔහු දෙහිවල මහ නගර සභාව අසල පිහිටි මරික්කාර් නමැත්තකුට අයත් මහල් නිවාසයට ගොස් සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මන්ත්‍රීවරයාට සැඟව සිටීමට සහය දුන් කළුබෝවිල රෝහලේ වෛද්‍යවරිය ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්ත්‍රීවරයා සොයාගැනීමට හැකි වී ඇත්තේ ඔහුගේ සමීපතමයන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී ලද තොරතුරු සහ පසුගිය දිනවල මන්ත්‍රීවරයා විසින් මාරු කරන ලද වෙනත් අයකුගේ නමට මිලදී ගත් සිම් පතක් සහිත අලුත් දුරකථනයේ සංඥා ඔස්සේයි.


Share this Article

Leave a Reply

Your email address will not be published.