රිජ්වේ රෝහලේ කොරෝනා රෝගීන් සිටින බවට පළවූ පුවත බොරුවක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් ප්‍රතිකාර ලබන බවට අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍යය හරහා ප්‍රචාරය වූ අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයා විසින් පොලිසියට දැනුම් දුන් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටී. ඔහු සදහන් කර සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදන ඇතැම් පුද්ගලයින් අවභාවිත කර ඇති බවයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන්ගේ විශාල අඩුවක් වී ඇති බවටත්, එම රෝහලේ කිසිදු කොරෝනා රෝගියෙක් ප්‍රතිකාර නොගන්නා බැවින් සාමාන්‍ය රෝගීන්ට කිසිදු පැකිලීමකින් තොරව රෝහල වෙත පැමිණෙන ලෙසත් රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් තමන්ට දන්වා ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *