රාජ්‍ය ඇමතිවරයෙක් අද ඉල්ලා අස්වෙන්න සුදානම්..?

ඉකුත් මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කර මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතා තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය තනතුර සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බවටත්, ජනතාවට උපරිම සේවයක් සිදු කිරීම සඳහා ඒ මහතා කැබිනට් ඇමති තනතුරක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි බවටත් තොරතුරු වාර්තා වේ.

ඒ අනුව ඔහුට සිය පාක්ෂිකයන්ගේ මතය විමසා ඔවුන්‍ගේ කැමැත්ත පරිදි තමාට ලැබුණු ජාතික උරුමයන්, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය භාර ගන්නේද නැද්ද යන්න පිළිබඳව අද (16) දිනයේදී තීරණයක් ගැනිමට කටයුතු කරන බවටයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ.

ඒ අනුව අද දිනයේදී පොදුජන පෙරමුණේ හොරණ මැතිව‍රණ කොට්ඨාශ බල මණ්ඩලය කැඳවා සිය ඇමති ධුරය භාර ගන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය පාක්ෂිකයන්ගෙන් විමසා, අදාළ තීරණය ගැනීමට විදුර වික්‍රමනායක මහතා සූදානම් වන බවටයි වැඩිදුරටත් තොරතුරු අනාවරණය වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *