නොබෝ දිනකින් රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම නවතන බවත්, කෘෂිකර්මාන්තය සම්පුර්ණයෙන්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරිමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා පැවසීය.
ඊයේ පස්වරුවේ රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් සමග පැවති හමුවක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම අදහස් පළ කර ඇත. මෙරට කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමට සියලු පාර්ශ්ව මැදිහත්විය යුතු බව ජනාධිපතිවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කර ඇති අතර, පොහොර සහනාධාර වෙනුවට කාබනික පොහොර ලබා දිය යුතු බව වැඩි දුරටත් සඳහන් කර ඇත.