රනිල්, මංගල, අනුර ඇතුළු දසදෙනෙකුට නොතීසි

රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, පාඨලී චම්පික රණවක,සරත් ෆොන්සේකා, අනුර කුමාර දිසානායක,ආර් සම්බන්ධන්, එම්. ඒ. සුමන්තිරන්, රවුෆ් හකීම්, ජනාධිපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම හා කමිටු ලේකම් ආනන්ද විජේපාල ඇතුළු පිරිසට දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත්කර තිබේ.

2015 අප්‍රේල් 22 දින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු තමන්ට සාවද්‍ය කරුණු මත නඩු පැවරීමට පැමිණිලි යොමුකර දේශපාලන පළිගැනීම් සිදු කළේ යැයි පවසමින් හිටපු දිවි නැඟුම අධ්‍යක්ෂ හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් කිත්සිරි රණවක මහතා ගොනු කළ පැමිණිලි පහක් සලකා බැලීමෙන් පසුව මෙම නොතීසි නිකුත් කෙරිණි.

කිත්සිරි රණවක මහතා කොමිසමෙන් ඉල්ලා ඇත්තේ සාවද්‍ය කරුණු මත දේශපාලන පළිගැනීම් කිරීමෙන් සිදුවූ අගතියට හා අපකීර්තියට රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්ව‍යන්ගෙන් වන්දි අයකර දෙන ලෙසටයි.

ඒ අනුව දේශපාලන පළිගැනීමෙන් තමන්ට අහිමි වූ රාජ්‍ය සේවා කාලය වසර තුනකුත් මාස හතරක කාලයක් බව පැවසූ රණවක මහතා, එම කාලය තුළ අහිමි වූ රුපියල් හතළිස්හය ලක්ෂ අසූතුන්දහසක හිඟ වැටුප් හා නීතිඥවරුන්ට වැයවූ රුපියල් ලක්ෂ විස්සක මුදල නැවත අයකර දෙන ලෙසයි රණවක මහතා ඉල්ලා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *