ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66, 89, 91, සහ 105 යන ව්‍යවස්ථාවන් අනුව රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහිමි නොවන බැවින් ඒ මහතා පාර්ලිමේන්තුවට කැඳවූයේ නැත්තේ මන්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) කථානායකවරයාගෙන් විමසා සිටියා.
විපක්ෂ නායකවරයා පවසා සිටියේ රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ආසනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා සිදු කර ඇති ප්‍රකාශය හා තමන් ලබාගත් නීති උපදෙස් අනුව ද එම මන්ත්‍රී ආසනය කිසිඳු ආකාරයකින් අහිමි නොවන බවයි.
අධිකරණය ලබාදුන් තින්දුව අභියෝගයට ලක් කිරීමට තමන් උත්සාහ නොකරන බව පැවසූ ඒ මහතා පවසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරිමට සිටින තැනැත්තා ලෙස කතානායකවරයාගෙන් මේ සම්බන්ධයෙන් තමන් පිළිතුරක් අපේක්ෂා කරන බවයි.
මේ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්‍රකාශ කර සිටියේ සිරදඬුවමට ලක් කර සිටින රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ආසනය පිළිබඳ නීති උපදෙස් ගැනීමෙන් පසුව සති තුනක් ඇතුළත තීන්දුවක් දෙන බවයි.