සීදුව රද්දොළුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් 14 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව
සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දයාන් සමරසේකර මහතා පවසයි. අද (16) දිනයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී මෙම ආසාදිතයින් හඳුනාගත් බවයි ඔහු පවසා සිටින්නේ.
රද්දොළුගම පොලීසියේ නිලධාරියෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (15) දිනයේ හඳුනාගැනීමත් සමගම
එම පොලිස් ස්ථානයේ සියලු නිලධාරීන් සහ ආශ්‍රිතයින් පිරිසක් අද රැපිඩ් ඇන්ටිජන් හා PCR පරීක්ෂණ සඳහා ලක්කෙරුණා. එහිදී ඉන් 14 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත් බවයි වෛද්‍ය දයාන් සමරසේකර මහතා පැවසුවේ.
මීට අමතරව රද්දොළුගම නිවාස යෝජනා ක්‍රමයේ පුද්ගලයන් තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට හඳුනාගෙන තිබේ.